Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 07, 2017

ලංකාදීපේ රනිල්වාදීන් දොට්ට ! Featured

විජය පුවත්පත් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන 'ඉරිදා දේශය' පුවත්පතට ලැබෙමින් තිබු රුපියල් කෝටි ගණනක රජයේ දැන්වීම්  වැලැක්වීමට කටයුතු කළේයැයි කියන එම ආයතනයේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සම්බන්ධයෙන් මේවනවිට අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භවී ඇති බවත්,  එම කාරණය තහවුරු වුවහොත් ඔහුව වහාම සේවයෙන් කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් 'ශ්‍රී ලංකා  මිරර්' වෙත වාර්තාවේ.

එම ආරංචිමාර්ග වලට අනුව, චෝදනාවට ලක්ව ඇති මාධ්‍යවේදියා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතකු වේ.

අගමැතිවරයාගේ උපදෙස්මත මොහු අගමැති කාර්යාලයේ නිලධාරියකු ලවා, 'ඉරිදා දේශය' පුවත්පතට කිසිඳු දැන්වීමක් නොදෙන ලෙස රජයේ බැංකු හා වෙනත් සංස්ථ මණ්ඩලවලට බලපෑම් කර ඇතැයි විජය පුවත්පත් ආයතනයේ ප්‍රධානියකු පැවසිය.


අර්බුදයට මුල :


රාජපක්ෂවරුන්ගේ උපදෙස් අනුව 'දේශය' පුවත්පත මෙහෙයවන බව කියන එහි කර්තෘ රන්ජිත් ආනන්ද ජයසිංහ මහතා එම තනතුරින් ඉවත්කරන්නැයි ජනාධිපතිවරණයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ මාමණ්ඩිය වන විජය පුවත්පත් සමාගමේ සභාපති රන්ජිත් විජේවර්ධන මහතාගෙන් කල ඉල්ලීමක් නොසලකා හැර තිබිණ.

එම ඉල්ලීම කර ඇත්තේ, රන්ජිත් විජේවර්ධන මහතාගේ පුත් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හරහාය.

එසේම, තමාගේ සමීප ආධාරකරුවන් වන ලංකාදීප පුවත්පතේ දිනිත් චින්තක කරුණාරත්න, අශෝක ජයතුංග හා සුජිත් මංගල ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට උසස්වීම් ලබාදෙන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කර තිබියදී, අශෝක ජයතුංග හා සුජිත් මංගල ද සිල්වාගේ සේවා කාලය දිගු නොකර ඔවුන්ගේ සේවය අවසන් කිරීමටද රන්ජිත් විජේවර්ධන මහතා මිට මාස කිහිපයකට පෙරදී කටයුතු කර තිබිණ.

'ශ්‍රී ලංකා මිරර්' වෙත ලැබෙන ආරංචි අනුව දිනිත් චින්තක කරුණාරත්න මහතා ද ළඟදීම නෙරපා හැරීමට නියමිතය.


කලගුණ සැලකීම ?


ලංකාදීප පුවත්පත් ආයතනයෙන් නෙරපා හරිනු ලැබූ අශෝක ජයතුංග හා සුජිත් මංගල ද සිල්වා යන මාධ්‍යවේදීන් දෙදෙනා සම්බන්ධයෙන් අගමැතිවරයා මෙතෙක් කිසිඳු මැදිහත්වීමක් සිදුකර නොමැති තත්වයක් තුල ඔවුන්  මේවනවිට අනාතවී සිටිති.

මොවුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටි සමයේ එම පක්ෂය හා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලංකාදීප පුවත්පත් ආයතනය තුල විශාල මෙහෙවරක් කල මාධ්‍යවේදීන් ලෙස සැලකේ.

ඊට කලගුණ සැලකීමක් ලෙස මාධ්‍යවේදී සුජිත් මංගල ද සිල්වා මහතාට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 'ඉරුදින' පුවත්පතේ තාවකාලික රැකියාවක් ලබාදී ඇති නමුත් මාස දෙකකින් වැටුප් ගෙවා නොමැත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top