Mar 30, 2020

මහියංගනය - ගිරාඳුරුකෝට්ටේ කඩ සාප්පු වසා දමයි 

ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත් බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.

මහියංගණ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවේ තිරණය පරිදි එම තීරණය ගත් බවත්, නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ වෙළෙදසැල් සියල්ල වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කර ජනතාව දැනුවත් කල බවත්, ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව ඒ මහතා පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top