Mar 30, 2020

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් (Update)

Update - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

-------------- Last Update  - Monday, 30 March 2020 10:28 ----------

කොරෝනා ආසාධිතයන් 120 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් හමුවූ Covid-19 ආසාධිතයන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් ආසාධිතයන් 3 දෙනෙකු අද (30) පෙරවරුවේ තහවුරු කරගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වනවිට ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ ගණන 11 කි.

එක් අයෙකු මරණයට පත්වුණා. ඒ අනුව රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 108 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර 117 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් පසුවන අතර විදේශිකයන් දෙදෙනෙකුද ඒ අතර සිටිති.

වැලිකන්ද සහ හෝමාගම මූලික රෝහල්වල 23 දෙනෙකුද, අයිඩීඑච් සහ කොළඹ ජාතික රෝහලේ 10 දෙනා බැගින්ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top