Mar 30, 2020

ඉදිරි සති 2 ඉතා අවදානම්! තවත් ගම් වහන්න වෙයි Featured

උද්ගතව ඇති තත්ත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදෙකලා කිරීම හෙවත් "ලොක්ඩවුන්" කිරීමට සිදුවනු ඇති බව කොවිඩ්-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ආසාදිතයන් විවිධ ප්‍රදේශවලින් හමුවීමත්, ඒ සමඟ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීම හා ලැබෙන තොරතුරුවලට අනුවත් ගතයුතු පියවර ලෙස මෙසේ "ලොක්ඩවුන්" කිරීමට සිදුව ඇති බවය.

මෙම කාර්යයන් පොලිසියත්, ත්‍රිවිධ හමුදාවත්, සෞඛ්‍ය අංශ හා ඒ පළාත්වල දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ පරිපාලන කටයුතු සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

හැකිතාක් නිවෙස් තුලට වී සිටින්න

ඉදිරි සති දෙක ඉතා අවදානම් කාලසීමාවක් බැවින් හැකිතාක් නිවෙස් තුලට වී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.  

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ලබන අප්‍රේල් 10 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කෙරෙන බවද වෙනත් කිසිදු කටයුත්තකට ඇඳිරි නීති බලපත් නිකුත් නොකරන බවද ඔහු සඳහන් කළේය.

මාර්තු 10 වනදායින් පසුව කුමන හෝ රටක සිට මෙරටට පැමිණි අය ඇත්නම් ස්වයං නිරෝධායන ක්‍රීයාවලියට යොමුවන ලෙසත් එසේ නොකරන්නන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top