Mar 30, 2020

මහින්දගේ නිවසට හොරු පනියි

මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිද ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

නිවසේ ඉදිරිපිට දොරටුව විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී නිවස සොරුන් බිද ඇති බව අනාවරණය වී තිබේ.

ඊයේ රාත්‍රියේ නිවසේ පිටුපස පිහිටි නාන කාමරය අසල බිත්තියේ ඇති කුහරයකින් සොරා නිවෙස තුලට ඇතුල්වී ඇති බවයි පොලිසිය සැක පල කරයි.
     
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙම නිවස අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පිහිටා ඇති බවද එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවද පොලීසිය සඳහන් කළේය.
 
අම්බලන්ගොඩ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top