Mar 31, 2020

නුවරඑළිය වසන්ත උදානය අත්හිටුවයි !

නුවරඑළිය මහ නගර සභාව මගින් වාර්ෂිකව පවත්වන වසන්ත උදාන සැණකෙළිය පවත්නා ඇඳිරිනීතිය සහ Covid-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග නතර කිරිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා කියයි.

නුවරඑළිය මහ නගර සභාව මගින් සැම වසරකම අප්‍රේල් 01 වැනිදා සිට 25 දිනිදා දක්වා නුවරඑළිය නගරයේ වසන්ත උදාන සැණකෙළිය පවත්වනු ලබයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුකාරවරයා අද (31) දින මේ බැව් කියා සිටියේය.

Covid-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මහජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂාව පිලිබදව සිතා කිසිදු සැණකෙළියක් පැවැත්වීමට අවසර ලබා නොදෙන බවයි ආණ්ඩුකාරවරයා පැවසීය.නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලබන වසන්ත උදාන සැණකෙළියට දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වෙති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top