Mar 31, 2020

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට දැඩි දඬුවම්දී නඩු දායි

තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරිමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ග වල ගමන් ගන්නා සියලුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නිරෝධායන රේගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

අධිකරණයෙන් වැරදිකරු වුවහොත් සිර දඬුවමකට සහ දඩයකටට යටත් වනු ඇත.

ඊට අමතරව එම තැනැත්තන් අවශ්‍යතාව අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍ය නිලධාරින් වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනිමට කටයුතු කරනු ලැබේ.

 පොලිස්  භාරයට ගත් වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් රඳවා ගැනිමටද  කටයුතු කරනු ලැබේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top