Mar 31, 2020

රෝගීන් ගැවසුණු ගම්මාන 3කට දැඩි සීමා

කොරෝනා රෝගීන් වාර්තා වූ තවත් ගම්මාන කිහිපයකට අද (31) දැඩි සීමා පනවනු ලැබීය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු සොයා ගත් පුත්තලම කඩුමයම්කුලම් ප්‍රදේශයට ඇතුළු වන මාර්ග 5ම අද සම්පුර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කළේය.

යාපනයේ යාඥා මෙහෙයකට සහභාගි වූ කෝරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු විදේශිය දේවගැතිවරයා හැටන් දික්ඔය දරවල ප්‍රදේශයට ගොස් යාඥා මෙහෙයක් සිදු කර බඩු භාණ්ඩ බෙදාදීමක් සිදු කර ඇති බව අද තහවුරු කරගෙන තිබේ.

ඒ හේතුවෙන් හැටන් දික්ඔය දරවල පවුල් 200 පමණ ජිවත්වන ප්‍රදේශයක් අද පස්වරුවේ දැඩි නිරෝධායනයට ලක්කිරීමට හැටන් දික්ඔය නගර සභාව ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පොලිසිය තීරණය කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top