Apr 01, 2020

Avigan ඔසුව තහවුරු නොවූවක් : ගෙන්වූ අයත් සොයාගත නොහැකි වේද? Featured

Covid-19 වෛරසය ආසාදනය වූවන්ට ලබාදීම සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ ‘’අවිගන්’’ (Avigan) ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවට කිසියම් ඖෂධයක් ආනයනය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගත යුතුය. 

එසේම එහි ලියාපදිංචි විය යුතුය. 

කෙසේවුවද, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා මාධ්‍යට පවසා ඇත්තේ ‘අවිගන්’ ගෙන්වීමට කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවයි.

ජාපානයේද මෙම ඖෂධය සම්බන්ධයෙන් සිදු කර ඇත්තේ සායනික පර්‌යේෂණ දෙකක් පමණක් බවද පැවසේ.

මෙම ඖෂධය ජපානයේ ඖෂධ නියාමන අධිකාරියේද ලියාපදිංචි කර නොමැති බව ඔහු අවධාරණය කර සිටී.

මෙම ඖෂධය විද්‍යානුකූලව තහවුරු කර නොමැති අතර අනුප්‍රාප්තික ඖෂධයක් ලෙස දැනට ජපානය හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසයට ප්‍රයෝජනවත් නැහැ - මහාචාර්ය මලික් පීරිස් 

වෛරස විද්‍යා අධ්‍යනය සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වූ හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ මෙවැන්නකි.

ඇවිගන් ඊයේ සිට රෝගීන්ට දෙනවා

මේ අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ රජයේ ඉල්ලීමක් මත ජපානයේ නිෂ්පාදිත අවිගන් ඖෂධ පෙති 5,000ක් මෙරටට ආනයනය කළ බවයි.

මෙම ඖෂධ පෙති ඊයේ (31 වැනිදා) දිවයිනට ලැබුණු බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගීන්ට ලබාදෙන බවද ඔහු අවධාරණය කර සිටියේය. 

මෙවැනි ඖෂධයක් රෝගීන්ට නිර්දේශ කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයද ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධානය යොමු කරයි.

මේ පෙත්ත ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ද කතා බහට ලත්ව තිබූ අතර එහි ඇවිගන් ගෙන්වීමට හිටපු අග්‍රාමාත්‍යවරයා ද සම්බන්ධ වූ බවටත් පෝස්ට් පලකර තිබිණි.

එවැනි කිහිපයක් පහත දැක්වේ.

මූලාශ්‍රය - අරුණ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top