Apr 01, 2020

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වසා දැමෙයි

එළවළු බෙදාහැරීමට අදාළ වාහන අවසරපත් ලබාගැනීමේදි බලපා ඇති අවහිරතාවය හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසාදැමීමට සිදුව තිබේ.

දැනට ඇඳිරි නීති යටතේ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන්නේ ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කිරීමෙන් පසු එම සහතිකය පොලිසියට ඉදිරිපත් කිරීමෙනි.

ප්‍රාදේශීය ලේකම් බලපත්‍ර අනුමත කරන්නේ ග්‍රාම නිලධාරී ද අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ද අනුමත කළ පසුය.

පවතින වාතාවරණය තුළ ව්‍යාපාරිකයින්ට මෙකී නිලධාරින් තිදෙනා හමුවීම ඉතා දුෂ්කර කටයුත්තක් වන හෙයින් එළවළු බෙදාහැරීම් කටයුතු මුළුමනින්ම කඩාකප්පල්වී ඇති බව තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top