Apr 01, 2020

Covid-19, දෙවැනි ලෝක යුද්ධයට පසු ලොකුම අභියෝගයයි Featured

Covid-19 වසංගතය යනු දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදුන් විශාලතම අභියෝගය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටර්රෙස් මහතා අනතුරු අඟවා තිබේ.

"මෑත අතීතයේ ඇතිනොවූ තරම් ආර්ථික අවපාතයක් මේ හේතුවෙන් ඇතිවිය හැකිබව ඔහු පැවසීය.

Covid-19 හේතුවෙන් ඉදිරියේදී දරුණු ආර්ථික බලපෑමක් ඇති වනු ඇතැයි බොහෝ ආර්ථික විශේෂඥයන් ගේ මතයයි.

මේ වන විට ලොව පුරා Covid-19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 860,000 ක් පමණ වාර්තා වී ඇති අතර, පුද්ගලයන් 42,000 කට වඩා මිය ගොස් තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top