Apr 01, 2020

පහේ ශිෂ්‍යත්වය කල් යන්නෑ

මේ වසරේ පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේය.

මෙම විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30 වනවිට ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය - බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ යළි කෙදිනක පාසල් විවෘත කළත් එම දිනයේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සිසුන්ට අවස්ථාව ලබාදෙන බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top