Apr 02, 2020

ඉන්ධන භාවිතය 85%කින් බහියි, බොරතෙල් මිලත් පහළට

මෙරට ඉන්ධන පරිභෝජනය මේ වනවිට සියයට 15 දක්වා අඩු වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

රටපුරා ඉන්ධන බෙදාහැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බැවින් සේවකයන් දෙතුන් සියයක පමණ පිරිසක් තෙල් සංස්ථාවේ කටයුතුවලට ප්‍රමාණවත් වන බව වෘත්තීය සමිති නායකයෝ කියා සිටියි.

තෙල් සංස්ථාව (සී.පී.සී.) සහ තෙල් තොග ගබඩා පර්යන්තය (සී.පී.එස්.ටී.එල්) සමාගමෙහි සේවකයන් හයදහස් තුන්සියයකට අධික පිරිසක් සේවය කරන අතර ඔවුනට මසකට රුපියල් ලක්ෂ 28ක් අතිකාල (O.T.) වශයෙන් ගෙවන බව වාර්තා වේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 18 දක්වා මේ වනවිට පහත වැටී තිබේ. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top