Apr 02, 2020

දින 3කට ඔසුසැල් ඇරෙයි 

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද (02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි.

එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔසුසැල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසයි.  

මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදාළ ස්ථාන කරා රැගෙන යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top