Apr 02, 2020

නුසුදුස්සන්ට බලපත්‍ර දෙන OICලාට එරෙහිව විනය ක්‍රියාමාර්ග   Featured

නුසුදුස්සන්ට ඇඳිරි නීති බලපත්‍ර ලබා දෙන පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

ඇතැම් පිරිස් ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන බවට පැමිණිලි ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ධාවනය කරන වාහන පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොදා ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම , මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අතර සෙසු දිස්ත්‍රික්ක 19 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ලබන 06 වැනිදා උදෑසන 6 ට ඉවත් කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top