Pasidol
Sathosa Ad Final Sinhala
Feb 07, 2017

ලොතරැයි හිඟයක් ! Featured

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි හිඟයක් ඇතිව ඇතැයි වාර්තා වේ.
 
ඊයේ (06) දිනයේදී දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි අලෙවි නියෝජිතයින්ට ඔවුන් ඉල්ලුම්කළ තරම් ටිකට්පත් ලබා ගැනීමට ලොතරැයි මණ්ඩලයට නොහැකි වූ බව පැවසේ.
 
ලොතරැයි හිඟය හේතුවෙන් දුරබැහැර සිටින අලෙවි නියෝජිතයින්ට දින දෙකකට වරක් ලොතරැයි රැගෙනයාමට කොල්ලුපිටියේ පිහිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ මූලස්ථානයට පැමිණීමට සිදුව ඇති බවද මේ අතර වාර්තා වේ.
 
ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය විසින් ලොතරැයි මුද්‍රණය කිරීමට ලබාදී ඇති මුද්‍රණ සමාගමට ලොතරැයි තොගපිටින් මුද්‍රණය කිරීමට අපහසුවීම මේ තත්ත්වයට හේතු බව ද පැවසේ.
 
නව මුද්‍රණකරුගේ මුද්‍රණ දෝෂද විශාල වශයෙන් ඇති බවද මේ අතර වාර්තා වේ.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top