Apr 04, 2020

බන්ධනාගාර ගතවූ පිරිසක් ඇප මත මුදා හැරීමේ තීරණයක්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් 1200 කට අධික සංඛ්‍යාවක් ලිහිල් ඇප මත මුදා හැරීමට තීරණය කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පවතින කොරෝනා වසංගතයත් සමග රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මොවුන් සුළු වැරදි සම්බන්ධයෙන් සහ ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතවූවන් බවද බන්ධනාගාර මට්ටමින් එම සිරකරුවන් මුදා හැරිම සිදු කෙරෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top