Apr 04, 2020

කල්ලි ගැහෙන පිරිස්වලට දැල එලන්න මෙහෙයුමක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස සංකිර්ණ හා විවිධ ස්ථානවල සමුහ වශයෙන් රැස්ව සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ එවැනි කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට ලැබී ඇති බවය.

මේ අතර  පවතින තත්ත්වය හමුවේ රෝගී වන සතුන්ට ප‍්‍රතිකාර කිරීම සදහා  එම ප‍්‍රදේශ  වෙත ගමන් ගන්නා පශූ වෛද්‍යවරුන්ට  ඔවුන්ගේ ජාතික හැදුනුම්පත හෝ ආයතනික හැදුනුම්පත ඇදිරී නීතිය බලපත‍්‍රයක්  වශයෙන් භාවිතා කළ හැකි බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top