Apr 04, 2020

ග්‍රාම නිලධාරීනුත් විසඳුම් ඉල්ලයි   Featured

තමන්ට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් වන මුහුණ ආවරණ හා අත් වැසුම් නොමැති බැවින් ග්‍රාම නිළධාරින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව ලංකා එක්සත් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සදහන් කරයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථා තම රාජකාරී ග්‍රාම සේවා වසම තුළ තැපල් රාජකාරි, මහජන ආධාර බෙදීම , වැඩිහිටි දීමනා ලබාදීම් , බඩුමළු බෙදාදීම , හදිසි මරණ සඳහා යාම ඇතුළු රාජකාරි රැසක් කිරීමට සිදුව ඇති බවද එම සංගම් වල ග්‍රාම නිළධාරිවරු පවසයි.

එමෙන් හදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකාරම් මුදල් ද ලබාදී නොමැති බවට චෝදනා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top