Apr 05, 2020

කොරෝනාට වැට පනින්න නොදෙන ගමක් (ඡායා)

රට පුරා සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින Covid-19 වෛරසයෙන් ආරක්ෂාවීම සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසක් නව විකල්පයක් භාවිතා කර තිබේ.

මේ නව ආරක්ෂිත වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත්තේ සාලියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් 642/ඩී ග්‍රාම නිළධාරි වසමට අයත් වීරපුර ප්‍රදේශයාසීන් විසිනි.

එම ගම්වාසීන් විසින් ගමට ප්‍රවේශවන ප්‍රධාන මාර්ග අවහිර කර ඒ අසල මුරපොළවල් ස්ථාපිත කර ගමට ඇතුළු වන හෝ පිටවන අය විෂ බීජහරණයකට ලක් කිරීම ඔවුන් Covid-19 වෛරසයෙන් බේරීමට යෙදූ උපායයි.

මේ සදහා ප්‍රදේශවාසීන් මුර සංචාරයක් ද සංවිධානය කර ඇති බව තිබේ.

සටහන හා ඡායාරූප - ප්‍රියංකර කළුපහන

Weerapura

Weerapura 1

Weerapura 2

Weerapura 3

Weerapura 4

Weerapura 5

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top