Apr 05, 2020

ෂැංහයි වරාය සහ ගුවන් තොටුපලවල කොරෝනා මර්දනය

නැගෙනහිර චීනයේ ෂැංහයි නගරයට කොවිඩ්- 19 වයිරසය ඇතුල් වීම වැළැක්වීම සඳහා එහි වරාය සහ ගුවන් තොටුපලවල දැඩි පියවර ගනිමින් සිටී.

ෂැංහයි නගරය වෙත පැමිණෙන සියලුම දෙනා nucleic acid පරීක්ෂාව සිදු කළ යුතු අතර දින 14 ක් නිරෝධායනය කළ යුතුය.

පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගින් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගොඩබෑම, මගීන් ගමන් කිරීම සඳහා විශේෂිත ස්ථාන සහ මගීන් සඳහා විශේෂ පරීක්ෂණ සහ විශේෂ වාහන සහිත වයිරසය පැතිරවීම වැළැක්වීමේ පාලන යාන්ත්‍රණයක් සකස් කර ඇත.

රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු විශේෂ වාහන මගින් වැඩිදුර පරීක්ෂණ සඳහා නම් කරන ලද උණ සායන වෙත මාරු කරනු ලැබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top