Apr 07, 2020

ජනපතිට කොරෝනා කිව්වයි නැටුම් ශිල්පිනිය රිමාන්ඩ් කරයි  Featured

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වෛරසය වැලඳි ඇතැයි සඳහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කළ බවට සැකපිට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නර්තන ශිල්පිනියක ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් වයි. ප්‍රභාකරන් ඊයේ (06) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන 41 හැවිරිදි වාද්දුව, මහවිහාර මාවත පදිංචිකාරියකි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top