Apr 07, 2020

නිරෝධායන කාල සීමාව දික් කරයි

නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් නිරෝධායනයට කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා වැඩි කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (07) පැවති මාධ්‍යහමුවකට එක්වෙමිනි.

මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති මුළු සංඛ්‍යාව 3415කි.

මේ අතර බණ්ඩාරගම, අටලූගම සහ මහනුවර, අකුරණ යන ප්‍රදේශ තවදුරටත් හුදකලා නගර ලෙස පවත්වාගෙන යන බවද එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවද යුධ හමුදාපතිවරයා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top