Apr 08, 2020

පුත්තලමේ නිවාස රැසක් ස්වයං නිරෝධායනයට (ඡායා)

පුත්තලම රත්මල්යාය සහ පාලවිය අල්කාසිම් සිටි ප්‍රදේශයෙන් Covid-19 වෛරසය වැළදුන බවට සනාථ වූ ආසාධිතයින් දෙදෙනෙකු සොයා ගැනීමත් සමඟ අද (08) එම ප්‍රදේශයන් හි නිවාස 20ට ආසන්න ප්‍රමාණයක් පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සහ සෞඛ්‍ය අංශ කොරෝනා මැඩලීමේ පොලිස් විශේෂ කාර්යාංශය විසින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

සොයාගන්නා ලද Covid-19 ආසාධිතයන් පසුගිය දිනවල ආගමික ප්‍රචාරක කටයුත්තක් සදහා විදේශිය රටක සංචාරයකට ගොස් මෙරට පැමිණි අය බවට සෞඛ්‍ය අංශ හදුනා ගෙන ඇත.

ඒ අනුව මෙම ආසාධිතයින් සමීපයෙන් ඇසුරු කල පුද්ගලයින් කිහිප දෙනෙකු මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

සටහන හා ඡායාරූප - ප්‍රියංකර කළුපහන - පුත්තලම වාර්තාකරු
Rathmalyaya

Rathmalyaya 1

Rathmalyaya 5

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top