Apr 08, 2020

කොරෝනා 7වැනි මරණයත් වාර්තා වෙයි: ආසාදිතයෝ 189 යි

මෙරට Covid-19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව ති​​බෙන බ​ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

වයස අවුරුදු 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන ඔහු අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (08) පස්වරුවේ මිය ගොස් තිබේ.

මේ අතර, Covid-19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

අද (08) දිනයේ පස්වරු 7.00 වන විට Covid-19 නව රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇ​ත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top