Apr 09, 2020

දැනට කොරෝනා පරීක්ෂණ ප්‍රමාණවත් Featured

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය ශරීරගතවූවන් තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය වුවහොත් දිනකට PCR පරීක්ෂණ 1500ක් පමණ සිදුකළ හැකියාව තිබේ.

දැනට දිනකට සිදුකරගෙන යන  PCR පරීක්ෂණවල වැඩිවීමක් මේ වනවිට සිදුවී තිබෙන බවද අයි.ඩී.එච්. රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

PCR පරීක්ෂණ නිකරුණේ සිදුකිරීම අනවශ්‍ය බවත් දැනට එම පරීක්ෂණය අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවට හඳුනාගත් පුද්ගලයන් එම පරීක්ෂණය සඳහා යොමු කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.  

දැනට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින සියලුම පිරිස් නිරෝධායනයට ලක්කර අවසන් වී නිවෙස්වලට යෑමට පෙර අනිවාර්යෙන්ම  PCR පරීක්ෂණයට ලක්කිරීමට තීරණයක් ගෙන ඇති බවද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top