Apr 09, 2020

අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවූවන්ට හෙට සිට නව කොන්දේසියක්

අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට සිය රාජකාරී හෝ ජාතික හැඳුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කළ යුතු බවට නව කොන්දේසියක් පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම නව කොන්දේසිය හෙට (10) සිට ක්‍රියාත්මක වන බව ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම නව කොන්දේසිය වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතනවලට අදාල නොවන බවද ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top