Apr 10, 2020

සියලු සුරාසැල්වලට තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර

සුරාසැල් ආශ්‍රිතව සිදු වන අක්‍රමිකතා සැළකිල්ලට ගනිමින් මධ්‍යම සහ දකුණු පළාත්වල සියලු බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

පළාත තුළ බලපත්‍රලාභී සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්‍රිත සුරාසැල් 500 කට අධික සංඛ්‍යාවක් එලෙස තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

තවද ඒ, ඒ පළාත්වල සුරාබදු අපරාධ සහ සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කිරීම අවම කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇති බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top