Apr 10, 2020

පාස්කු සමරන කිතුණුවන්ට ජනපතිගෙන් ඉල්ලීමක්

කිි‍්‍රස්තුස් වහන්සේගේ උට්ඨානය සිහි කෙරෙන පාස්කු මංගල්‍යය සිහිපත් කිරීමෙන් වර්ධනය කර ගන්නා ශාන්තදායී හැගීම් සහෝදර ජනතාව අතර පේ‍්‍රමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙවර පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයක මේ බව සඳහන් වේ.

පාස්කු දින මංගල්‍යය මෙරට කිතුණු බැතිමතුන්ගේ සොදුරු ආගමික මතකයක් බවත්, එහෙත් පසුගිය වසර ඉතා වේදනාත්මක එකක් බවට පත් වූ බවත් ජනාධිපතිවරයා සිහිපත් කරයි.

"අදටත් එහි කම්පනය මැකී ගොස් නැහැ. රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීමයි." එමෙන්ම එවන් සිදුවීම් මාතෘ භූමියෙන් තුරන් කිරීමට ද රජය දැඩිව වගවී සිටින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

රටත් ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජය සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව මෙරට කිතුණු ජනතාව ජේසු සමිදාණන් වෙනුවෙන් කැප වනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ පාස්කු දින පණිවුඩයේ සදහන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top