Apr 10, 2020

රිද්මාට විතරක් දුන් විශේෂ වාසියට චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂවරු බෙදෙයි  Featured

ජාතික චිත්‍රපටි සංස්‌ථාවෙන් ලබාදුන් තාවකාලික සහනය රිද්මා මණ්ඩලයේ සිනමාහල් වලට පමණක් ලබාදීමට යොමුකරණ ලද අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අධ්‍යක්ෂවරු සිවුදෙනෙකු අත්සන්තබා නැතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ පත්‍රිකාවට අත්සන් තැබීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට ජාතික චිත්‍රපට සංස්ථාව මෙවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේදී සියලුම සිනමාශාලා ඔවුන් එක ලෙස සැලකිය යුතුය යන පදනම මත බව පැවසේ.

එසේම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාදෙන්නේ රජයෙන් ලබාගත් මුදල් සමග ලංකාවේ සියලුම සිනමාහල් වලින් එකතු කරන ලද මුදල්වීම ද එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේවුවද, අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අධ්‍යක්ෂවරුන් වෙත ලැබී ඇත්තේ ඊයේ (09) පස්වරු 12.45ට පමණ බවත්, එහෙත් ඊට අදාළ ප්‍රවෘතිය රූපවාහිනී නාලිකාවක පස්වරු 2.00 ට විකාශය වී ඇති බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top