Apr 10, 2020

රොක්ලන්ඩ් අරක්කු වලින් හෑන්ඩ් සැනිටයිසර් (වීඩියෝ)

මෙරට ජනතාව අතර ජනප්‍රිය අරක්කු නිෂ්පාදනයක් වන රොක්ලන්ඩ් අරක්කු ආශ්‍රිතයෙන් Hand Sanitizer නිෂ්පාදනය කරන බව සිලෝන් ඩිස්ටිලරීස් සමාගම පවසයි.

ෆේස්බුක් සටහනක් එක් කරමින් එම සමාගම පවසා ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කළ මෙම සැනිටයිසර් බෝතල් තොගයක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් - වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඊයේ (09) IDH සහ ජාතික රෝහලට පරිත්‍යාග කළ බවයි. 

"මෙය, රෝහල්වල නිර්භීත වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමට අප ගත් කුඩා පියවරක් වන අතර වෙනත් රෝහල් සඳහා තවදුරටත් පරිත්‍යාග සිදුකිරීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු," යැයි එම සමාගම පවසයි.

මෙම අත් සනීපාරක්ෂක යන්ත්‍ර විකිණීම හෝ පෞද්ගලික පරිභෝජනය සඳහා නොවන බව පවසන සිලෝන් ඩිස්ටිලරීස් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෛද්‍ය සේවා සඳහා පමණක් පරිත්‍යාග කළ ඉහත තොගය, අදාළ රෝහල්වල ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් ආරක්ෂිතව තබා ඇති බවයි.

Ceylon Arrack

වීඩියෝව මෙතනින් නරඹන්න.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top