Apr 10, 2020

ජැක් මා එවූ Covid-19 පරීක්ෂණ කට්ටල තොගයක් අද ලංකාවට එයි Featured

චීනයේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන අලිබබා සමූහයේ නිර්මාතෘවරයා වන ජැක් මා විසින් ප්‍රදානය කළ Covid-19 පරීක්ෂණ කට්ටල 20,064 ක තොගයක් අද (10) රාත්‍රියේ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 130,000 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම පරිත්‍යාගය ෂැංහායි සිට MU231 ගුවන් යානයෙන් මෙරටට ගෙන එනු ඇති බවයි.

මෙම පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කර ඇත්තේ ඩොලර් බිලියන 1.2කට වඩා වෙළඳපල වටිනාකමක් සහිත ලැයිස්තුගත සමාගමක් වන DAAN Gene Co සමාගම විසිනි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top