Pasidol
Sathosa Ad Final Sinhala
Feb 09, 2017

සයිටම් වෙඩිල්ලේ සාක්ෂි පරස්පරයි !

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ගමන් ගත් මෝටර් රථයට ඉකුත්දා එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇත.

දැනට සිදුකෙරුණු පරීක‍ෂණවලදී හෙළිවී ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස විදුරුවට ගලකින් පහරදීමෙන් අනතුරුව වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඇද සිටි ඇදුම්ද පරීක්ෂණ සදහා රජයේ රස පරීක‍ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.

දැනට සිදු කෙරෙමින් පවතින පරීක‍ෂණවලට අනුව හෙළිව ඇත්තේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු අසුනේ සිටියා නම් ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වන බවයි.

මේ අතර රජයේ රස පරීක්ෂකවරයා පැමිණ මෝටර් රථයේ රියදුරු අසුන අසල දොර විවෘත කිරීමේදී එහි වීදුරු කැඩි බිම පතිත වී ඇත.

 එම නිසා ඔහු වෙඩි තබන අවස්ථාවේදී රියදුරු අසුනේ නොසිටි බවට පොලීසිය සැක කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්‌ෂකවරයාගේ වාර්තාව ලැබෙන තුරු ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි බවද පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක්‌ සඳහා කළ සැලසුමක්‌ද යන්න සොයා පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ මේවනවිට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න මහතා ඉකුත් 06 වැනිදා රාත්‍රි 8.15 ට පමණ සිය නිවස බලා යමින් සිටියදී නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකුගේ ප්‍රහාරයට ලක්‌ වී තිබු බව වාර්තාවිය.


සබැඳි පුවත්

සයිටම් වෙඩිල්ල ගැන සැකයක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top