Pasidol
Sathosa Ad Final Sinhala
Feb 09, 2017

සයිටම් විරෝධීන් නුගේගොඩදී එක්වෙයි (ඡායාරූප)

‘සයිටම් උපාධි කඩය වහා අහෝසි කරනු‘ මැයෙන් සංවිධාන ගණනාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විරෝධතා රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී අද පස්වරුවේ පැවැත්විණ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, රජයේ වෙද නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් ඊට එක්ව සිටියහ.

ඔවුහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට විරෝධතා පාගමනකින් එම ස්ථානයට පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර හා ජවිපෙ හිටපු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයෝ රැසක් ද ඊට එක්ව සිටියහ.

ඡායාරූප - තුසිත කුමාර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top