Pasidol
Sathosa Ad Final Sinhala
Feb 10, 2017

බැලුම්ගල මාධ්‍යවේදියා අතුරුදන් ? Featured

'නෙත් එෆ් එම්' නාළිකාවේ ඩිජිටල් අංශයේ ප්‍රධානියා මෙන්ම, 'නෙත් නිව්ස්' වෙබ් අඩවියේ (nethnews) සංස්කාරකවරයා වන නිලූප සංජය ලියනගේ මහතා හිටි හැටියේ අතුරුදහන්ව ඇතැයි වාර්ථා වේ.

'නෙත් එෆ් එම්' නාළිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ 'බැලුම්ගල' වැඩසටහනේ ප්‍රධානියා ලෙස කලක් කටයුතු කල ඔහු ඒ හරහා මාධ්‍ය ක්ෂේත්‍රය තුල ජනප්‍රියත්වයට පත්ව සිටියේය.

බැලුම්ගල සම්බන්ධ වගකීම්වලින් ඔහු ඉවත්වී බොහෝ කලක් වුවද, මේවනවිටත් එම වැඩසටහනින් කෙරෙන හෙළිදරව් කිරීම් වලදී ද චෝදනා වලට ලක්වුවන්ගේ ඉලක්කය වී ඇත්තේ නිලූප සංජය ලියනගේ මහතා බව පැවසේ.
 
පසුගිය දින කිහිපයෙහි 'බැලුම්ගල' වැඩසටහනේ විකාශය වූ පාතාලය පිලිබඳ අනාවරණයන් හේතුවෙන් ඔහුට   දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවී තිබු බවත්, ඒ අනුව ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසින් පවුලේ සාමාජිකයින් සමග පලාගොස් ඇති බවත් වාර්තාවේ.

තමන්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් 'නෙත් එෆ් එම්' ප්‍රධානින් දැනුවත් කර ඇති නිලූප,  ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීම සඳහා මාසයක නිවාඩුවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඔහුට නිවාඩු අනුමත කර තිබේ.

දේශපාලන රැකවරණ ?

තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ දේශපාලන රැකවරණ පතා ඔහු ස්විට්සර්ලන්තය වෙත ගොස් ඇති බවයි.

බැලුම්ගල වැඩසටහන නිසා පාතාල නායකයෙකුගෙන් එල්ල වී ඇති තර්ජන පිලිබද ඔහු විසින් පොලිස් පැමිණිලි කිහිපයක්ද ගොනු කර ඇති අතර එම විමර්ෂණ මෙතෙක් හමාර වී නොමැත.

මෙම තර්ජනය පිලිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වඩා පවුලේ සාමාජිකයින්ගේ ජීවිතය බේරාගැනීමට වැඩි අවධානයක් යොමුකරන බව ඔහු පසුගියදා තම හිතවතුන් සමග පවසා ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top