May 19, 2020

මහ මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙටට කල් යයි

ජුනි 20 වැනිදා දින මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම, හෙට (20) පෙරවරු 10.00 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.


නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සම් විභාගය අද සිදුවූයේ දෙවැනි දිනයටයි.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top