May 19, 2020

ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර

අද (19) දිනයේදී ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වේ.

බලංගොඩ නගරය මේ වන විට ජලයෙන් යටවී ඇති අතර, කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් පැවතීමත් සමග අවදානම් කලාපවල පවුල් ඉවත් කරන්නැයි ප්‍රාදේශිය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.

මේ අතර, ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග තවලම හා බද්දේගම ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් වාර්තා වන අතර, නෙළුව, තවලම හා කොටපොල ප්‍රදේශයන් හි අවදානම් කලාපවල සිටින  පවුල් හට ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් බලධාරීන් ඉල්ලා සිටියි.

තවද, නිල්වලා ගංගාවේ ජල මට්ටම පනාදුගම සහ පිටබැද්දර ප්‍රදේශයෙන් සුලු ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වී ඇත.

ඒ අනුව පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කමුබුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශවල නිල්වලා ගංගා ධාරයේ පහත්බිම්වෙල ජීවත් වන ජනතාව ආරක්ෂීත ස්ථානවලට යන මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top