May 19, 2020

කොරෝනා රෝගීන් 1,000 පන්නයි

අද (19) දිනයේදී තවත් Covid-19 ආසාදිතයන් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ථ Covid-19 ආසාදිතයන් ප්‍රමාණය 1020 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28 දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත විද්‍යා අංශය විසින් අද (19) ප.ව. 06.00ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට රෝගීන් 442 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 569 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09කි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top