May 20, 2020

පුත්තලමේ කතෝලික දේවස්ථාන දෙකකට ගල් ප්‍රහාර! (ඡායා)

පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කර කඩා දමා ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවටය.

පුත්තලම මිසම් පාලක පයස් කෙනඩි පියතුමන් පොලීසියට කල පැමිණිල්ලක් අනුව පුත්තලම පොලීසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් හා පොලිස් නිළ සුනඛ රොකී යොදා ගනිමින් මේ වන විටත් පරික්ෂණ සිදුකරමින් ඇතැයි ශ්‍රී ලංකා මිරර් පුත්තලම පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේය.

පුත්තලම පොලීසියේ වැඩබලන ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරිලාල් මහතා කියා සිටියේ මේ සිදුවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු හෝ පිරිසක් සිටීද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි.

සටහන හා ඡායාරූප - ප්‍රියංකර කළුපහන

Statue of Puttalam 3Statue of Puttalam 1Statue of Puttalam 2Statue of Puttalam 4Statue of PuttalamStatue of Puttalam 6

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top