May 20, 2020

හූල් මැතිවරණ කොමිසමට එනවට සේවකයෝ පිරිසක් විරෝධය දක්වයි Featured

රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා හා ඔහුගේ දියණියට ඊයේ (19) එම කොමිසමේ සේවකයෝ පිරිසක් විරෝධය දක්වා තිබේ.

ඒ ඔහුගේ දියණිය පිට රටක සිට පැමිණ දින 14ක් කොළඹ හෝටලයක නිරෝධායනය වීමෙන් පසුව තවත් දින 14ක් නිවසේ ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා තිබියදී රාජගිරිය මැතිවරණ කාර්යාලයට පැමිණීම සම්බන්ධයෙනි.

චෙම්මිනි පාර, නල්ලූර්, යාපනය යන ලිපිනය දරන නිවසට ඇය රැගෙන යනු වෙනුවට මහාචාර්ය හූල් සිය දියණිය සමග යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් ඊයේ (19) හා පෙරේදා (18) රජගිරියේ මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණ ඇති බව පැවසේ.

කෙසේවුවද, ඔවුන් පිට ගිය පසු මැතිවරණ කාර්යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කර ඇති බවද මේ අතර වාර්තා වේ.

එසේම අද (20) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස මහාචාර්ය හූල්ට දැනුම් දී ඇති බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය - දිවයින

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top