May 20, 2020

ඇඳිරි නීතිය කඩකළ අයට නීති දැඩි වෙයි

ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 6000කට පමණ මේ වනවිටත් දඬුවම් නියම කර තිබේ.  

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු මස 20 වැනිදා සිට අද උදෑසන 06.00 දක්වා කාලය තුළ නීති කඩකළ පුද්ගලයින් 60425 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

එම කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව දහසය දහස් නවසිය විසි හතරකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top