May 20, 2020

ජුනි 20 මැතිවරණය පවත්වන්න බැහැ - මැතිවරණ කොමිසම 

පවතින තත්ත්වය හමුවේ ජූනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවට නිරීක්ෂණය කර ඇතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

මේ දැනුම්දීම සිදු කළේ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද තුන්වන දිනටත් සළකා බැලූ අවස්ථාවේදීය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා  මේ බව අධිකරණයට දැනුම්දෙනු ලැබීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top