May 20, 2020

වැටුප් කැපූ බවට ගුරුවරුන්ගෙන් චෝදනා

දැනුම්දීමකින් තොරව ඇතැම් අධ්‍යාපන කලාපවල ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් කපා හැර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.

නැගෙනහිර පළාතේ කලාප කාර්යාල කිහිපයක මෙය සිදු කර ඇති බව එහි කැඳවුම්කරු ජොසෆ් ස්ටාලින් මහතා පවසයි. 

කලාප කාර්යාලවල ප්‍රධානීන් හා ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවති රැස්වීමකදී දිනක වැටුප රජයේ කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top