May 21, 2020

තවත් කොරෝනා රෝගීන් 17ක්

අද (21) මේ දක්වා Covid-19 ආසාදිතයන් 17 දෙනෙකු සොයාගෙන ඇති බව වාර්තා වේ.

මේ අනුව, මේ දක්වා මෙරටින් හමුවී ඇති Covid-19 ආසාදිතයන් ප්‍රමාණය 1045ක් දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව, අද හමුවූ ආසාදිතයන් දෙදෙනෙකු මුලතිවු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් වන අතර, අනෙක් පුද්ගලයන් 15දෙනාම ඩුබායි සිට පැමිණීමෙන් අනතුරුව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට රෝගීන් 432 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ආසාදිතයන් 604 දෙනෙකු මේ දක්වා සුවය ලබා ඇත. මීට අමතරව, මේ දක්වා Covid-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 09කි.

Covid 670px 20 05 21

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top