May 22, 2020

අද සිට වැසි වැඩිවෙයි - දිස්ත්‍රික් 10කට නාය යෑමේ අවධානම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ ඇතැම් ස්ථානවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි වේ.

මේ අතර දිස්ත්‍රික් 10 කට පණවා තිබූ නායයාමේ අවධානම තවදුරටත් බලාත්මකයි. ගාල්ල, මාතලේ, රත්නපුර, කලූතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික් සඳහා අද පස්වරු 2.30 වනතෙක් එය බලාත්මකව පවතියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top