May 22, 2020

කොරෝනා යැයි සැක කතක් හා ලැගුම්හලකට ගිය හමුදා නිලධාරියා සොයයි Featured

Covid -19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කර තිබේ.

ඒ, අදාළ කාන්තාව සමග තවත් පුද්ගලයෙකු මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර ඔහු රජයේ ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කෙරේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයා ඊයේ (21) දිනයේ අදාළ ලැගුම් හලෙන් පිටව ගොස් ඇත. 

ඔහුගේ යැයි සැක කෙරෙන ගමන් මල්ලක තිබී හමුදා අංශයට සම්බන්ධ නිල ඇදුම් සොයාගත් බව පොලීසිය සදහන් කරයි. 

අදාළ පුද්ගලයා සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් 1990 ගිලන් රථයක් අමතා ඇය ඊයේ  දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබිණි. 

ඇය අලව්ව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර පවසන්නේ මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අද (22) පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.

ලැගුම්හල් විවෘත කිරීම මේ වනවිටත් නීතියෙන් තහනම් බවත්, මෙම ලැගුම්හල අදාළ කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධිව බවත් ඔහු සදහන් කළේය. 

එහි සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගෙන ඇති බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top