May 22, 2020

ඩලස්, පවිත්‍රා ටියුෂන් කඩකාරයින්ට සැලුට් ගහන්නේ ඇයි? Featured

පාසල් ආරම්භ කිරීමටත් පෙර ටියුෂන් ආම්භ කිරීමට විධිවිධාන සැකසීම සම්බන්ධයෙන් අධ්‍ය්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට හා සෞඛ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට චෝදනා එල්ලවෙමින් තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටින්නේ මොවුන් දෙදෙනාම අධ්‍යාපන ප්‍රාග්ඥයින්, විදුහල්පතිවරු, ගුරු සංගම් හා ගුරුවරුන් සමඟ කොරෝනා වලින් පසු පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වඩා අමතර පංති ගුරුවරුන්ට වැඩි අවස්ථාවක් ලබාදුන් බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස පත්කර ගැනීමේදී ටියුෂන් ගුරුවරුන් වැඩි සහයක් ලබාදීම ඔවුන්ගේ කියුම්බහට ඇහුම්කන්දීම වැඩිවීමට හේතුවී ඇති බවයි.

ස්ටාලිං මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව වත්මන් ආණ්ඩුව ටියුෂන් වලට නිල තත්ත්වයක් ලබාදෙමින් සිටින බවත්, එසේ ටියුෂන් ගුරුවරුන් එම තත්ත්වය භාවිතා කරමින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටින බවද ඔහු කියයි..

වත්මන් ආණ්ඩුව ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමී සේවයක් සිදුකරන බවට චෝදනා එල්ලව සිටින ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා අලහප්පෙරුම මහතා හා පවිත්‍රා මහත්මිය හමුවූ අවස්ථාව සිය ෆේස්බුක් පිටුවේ පලකර තිබූ අයුරු.
කොරෝනා බෝ කොරෝනා….

Tution 003කොරෝනාවලට පෙර තිස්ස ජනනායක මහතාගේ පන්තිකාමරයක ඡායාරූපයක් (ඡායාරූපය - තිස්ස ජනනායක මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.)

දැන් ඔන්ලයින් ටියුෂන් වලට පැයට 2000 - 4000 යි

මේ අතර, මේ දිනවල දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ටියුෂන් ගුරුවරුන් විසින් ද ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඔවුන් ඒ සඳහා පැයකට රුපියල් 2000ත් 4000ත් අතර මුදලක් අයකරමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

පෞද්ගලික පාසල්වල ගෙව්වෙ නැත්නම් ඔන්ලයින්වලට ඇක්සසස් නැහැ

එසේම පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන දරුවට අන්තර්ජාල අධ්‍යාපනය (ඔන්ලයින් එඩියුකේෂන්) සඳහා අවස්ථාව ලබාදී ඇත්තේ පසුගිය හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවන ලද අයට පමණක් බවද වාර්තා වේ.

ටියුෂන් අරින නිර්දේශ

මේ අතර, පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ සකස්කරන ලෙස ‍සෞඛ්‍ය අමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම උපදෙස් දී ඇති බව පැවසේ.

ඒ අනුව ඒ සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම ආරම්භ කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතාද ප්‍රකාශ කර ඇත.

මාර්ගෝපදේශ සකස් කළත් රජය විසින් පෞද්ගලික පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදුන් පසු මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි බව ඔහු අවධාරණය කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top