May 23, 2020

ද ෆිනෑන්ස් කම්මුතු කළේ ඇයි? : සේවකයෝ 362ක් පාරට දැම්මේ ඇයි? Featured

වසර 80ක් පැරණි ලංකාවේ පළමු මූල්‍ය සමාගම වන “ද ෆිනෑන්ස් සමාගම” වසා දැමීම සම්බන්ධයෙන් වතමන් ආණ්ඩුව හා මහ බැංකුව වගකිවයුතු බවට ද ෆිනෑන්ස් සේවක සංගමය චෝදනා කර සිටී.

වසර 2009 සිට ද ෆිනෑන්ස් ආයතනය මහ බැංකුවට පවරා ගැනීමෙන් පසුව මේ දක්වා කළමනාකාර මණ්ඩල දෙකක් අධ්‍යක්ෂ මණ්ඩල 5ක් මේ වකවානුව තුළ පත්කර ඇති බව පවසන එම සංගමයේ සභාපති දුමින්ද තිලකරත්න මහතා 2009 වසරේදී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ තිබූ කැබිනට් මණ්ඩලය ද අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට අවසර දුන් බව කියා සිටියේය.

එසේම හිටි හැටියේ ද ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කිරීම නිසා එහි මුදල් තැන්පත්කර තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 26ක මුදලක් නැතිවීමේ අවදානමක් මේවන විට මතුව ඇතැයි ද ඔහු කියා සිටී.

මේ සමාගම පසුගිය වසර තුන තුළ බිලියන 3කට වඩා වැඩි පාඩුවක් ලැබූ බවත්, ඒ පිළිබඳව විටින් විට තම සංගමය මහ බැංකුව දැනුවත් කළ ද කිසිදු පියවරක් නොගත් බවට ද තිලකරත්න මහතා චෝදනා කර සිටී.

"නිමල් මාමා" 2019 ත් තැන්පත් මුදල් අරං

වසර 2019 ජනවාරි මාසයේදී එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරී නිමල් මාමදූව මහතාගේ බලපෑම් මත "වන් බිලියන්, වන් මන්ත්” යන ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කරමින් බිලියනයකට ආසන්න තැන්පතු සොයාගත් බවත්, ඒ මහතා පැවසීය.

මෙහි සේවකයන් රුපියල් මිලියන 380කට වැඩි ප්‍රමාණයක් තැන්පත් කර ඇති බවද තිලකරත්න මහතා කියා සිටී.

මෙහි තැන්පත් කරුවන් 70%ක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව පවසන තිලකරත්න මහතා, මෙහි තැන්පත්කරුවන්ට මාර්තු හා අප්‍රේල් යන මාසවලදී පොලී ගෙවා නැතැයි ද ඔහු කියා සිටී.

 කාතා කරන්න..

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින්, එහි රක්ෂණය කර ඇති තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවට ද තැන්පත් කරුවන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට (තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු මුදල ම ආවරණය කරගැනීමට හැකියාවක් ඇති බවත්, අනෙකුත් 7%ක (තැන්පතුකරුවන් 10,072කට) තැන්පතුකරුවන් හට තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතින බව පැවසේ.

තවදුරටත් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නම් පහත දක්වා ඇති ක්‍රම ඔස්සේ විමසීම් සිදු කළ හැක.

TheFinance 850px

ද ෆිනෑන්ස් සමාගම වසා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩිව විවේචනයට ලක්ව තිබේ. ඉන් කිහිපයක් පහත දැක්වේ.

TheFinance 850px 002

TheFinance 850px 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top