May 23, 2020

නාමයෝජනා අහෝසි වුණොත් එජාපය එකට ! Featured

දැනට ප්‍රකාශයට පත්කර ඇති මහමැතිවරණය නීතියට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුනහොත් දැනට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ කිරීමට කැමැත්තෙන් සිටින බව වාර්තා වේ.

මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස බෙදී නාමයෝජනා බාරදුන් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙසේ එක්ව කටයුතු කිරීම ගැන අදහසක් හුවමාරු කරගෙන ඇති බව “අනිද්දා” පුවත් පත වාර්තා කර තිබේ.

මෙම දෙපාර්ශ්වයේ පිරිස් මේ වන විටත් පොදු කාරණාවලදී එක්ව කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරමින් ඇතැයි ද එහි දැක්වේ.

රාජිත සේනාරත්න මහතා රිමාන්ඞ් බන්ධනාගාරයට පත්කිරීමේ සිදුවීමේදීද දෙපාර්ශ්වය වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් පිරිසක් එක්ව කටයුතු කර ඇති බවද පැවසේ.

ඊට අමතරව ඇඳිරි නීති සමය තුළ සිදුවූ විවිධ පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවීම් ඇතුළු සිද්ධි කිහිපයක් පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයන් එක්ව සාකච්ඡා කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top