May 25, 2020

කොළඹ හෝටල් සහ අවන්හල් හෙට සිට විවෘතයි

සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා හෙට (25) වැනිදා සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෙට සිට එම අංශ සඳහා කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවේ.

අදාළ ආයතන විසින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට කණ්ඩායම් 6 ක් යොදවන බවද රුවන් විජේමුණි මහතා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top